/ Mar 28, 2026

අවුරුදු දෙකක් යන්න පෙර අනුරට ඉවත් වෙන්න වෙනවා. අපි සජිත්ව ජනාධිපති පුටුවේ වාඩි කරවනවා – මන්ත්‍රී බස් ජගත්

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට වසර දෙකක් ගත වීමට පෙර ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට සිදු වන බව කළුතර දිස්ත්‍රික් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසයි.

3% ක සිටි ජනතා විමුක්ති පෙරමුණට රටේ බලය ලබාගැනීම සඳහා අවුරුදු 30ක් පමණ ගත වූ බවත්, නාමල් රාජපක්ෂ ජනාධිපති ධූරයට පැමිණීමට නම් එවැනි ආකාරයටම අවුරුදු ගණනාවක් ගත වන බවත් ඔහු සඳහන් කරයි.

ඒ අනුව නායකත්වය සඳහා දැනට සිටින්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවත් ඔහු අත්දැකිම් බහුල පුද්ගලයෙක් වන බවත් මන්ත්‍රීවරයා පවසයි.

පොදු විපක්ෂය ලෙසත් එක්සත් ජාතික පක්ෂය ලෙසත් සජිත් ප්‍රේමදාස නායකත්වය පිළිගන්නා හෙයින් ඔහුව ජනාධිපති පුටුවේ වාඩි කරවීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

1 thought on “අවුරුදු දෙකක් යන්න පෙර අනුරට ඉවත් වෙන්න වෙනවා. අපි සජිත්ව ජනාධිපති පුටුවේ වාඩි කරවනවා – මන්ත්‍රී බස් ජගත්”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top