හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් වූ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ලේකම්වරයා අල්ලස් කොමිසම වෙත පැමිණි අතර අදාළ වත්කම් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සිදුවිය.




