/ Jun 25, 2025

කොළඹ පුරපති පත් කිරීමේ සටන තියුණුයි : එජාපයෙන් කොළ එළියක්!

appointment of the Mayor of Colombo

කොළඹ මහනගර සභාවේ පුරපති පත් කරගැනීමට සමගි ජනබලවේගය සහ එක්වීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව වාර්තා වේ.

මේ සම්බන්ධ සාකච්ඡා පවත්වන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසා ඇත. ජාතික ජනබලවේගය පක්ෂයට තනි පක්ෂයක් ලෙස වැඩිම ආසන සංඛ්‍යාව වන 48ක් ලැබී ඇති අතර විපක්ෂ ආසන සංඛ්‍යාව එය ඉක්මවා තිබේ.

සමඟි ජනබලවේගයට ආසන ආසන 29ක් ඇති අතර එක්සත් ජාතික පක්ෂය ආසන 13ක් දිනාගෙන තිබේ.

117ක් වන කොළඹ මහනගර සභාවේ ආසන සංයුතිය බෙදී ගොස් ඇත්තේ මෙසේ ය.

* ජාතික ජන බලවේගය (NPP) – ආසන 48

* සමගි ජන බලවේගය (SJB) – ආසන 29

* එක්සත් ජාතික පක්ෂය (UNP) – ආසන 13

* ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) – ආසන 5

* ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) – ආසන 4

* ස්වාධීන කණ්ඩායම 03 – ආසන 3

* සර්වජන බලය – ආසන 2

* ස්වාධීන කණ්ඩායම 04 – ආසන 2

* ස්වාධීන කණ්ඩායම 05 – ආසන 2

* එක්සත් සාම සන්ධානය – ආසන 2

* ජාතික නිදහස් පෙරමුණ – ආසන 1

* ජාතික ජනතා පක්ෂය – ආසන 1

* මහජන සන්ධානය – ආසන 1

* ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය – ආසන 1

* එක්සත් ජනරජ පෙරමුණ – ආසන 1

* ස්වාධීන කණ්ඩායම 01 – ආසන 1

* ස්වාධීන කණ්ඩායම 02 – ආසන 1

කෙසේ වෙතත්, රටේ ප්‍රධාන වාණිජ අගනගරය වන කොළඹ බලය සම්බන්ධයෙන් තියුණු සටනක් පැන නැගී අතර මේ වන විටත් විවිධ සාකච්ඡා සිදුවෙමින් බලය පිහිටුවීම පිණිස සාකච්ඡා පවත්වාගෙන යතැයි ආරංචි පළ වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top