/ Jan 23, 2026

විවාහ වී මාස 10යි : හමුදා ලොක්කාගේ බිරිඳ සියදිවි නසාගෙන!

යුද හමුදා මේජර් ජනරාල්වරයෙකුගේ බිරිඳක් සිය දිවි නසාගත් අවාසනාවන්ත පුවතක් වාර්තා වේ.

බොරැල්ලේ පිහිටි ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරී නිවස්නයක් තුළදී 47 හැවිරිදි මෙම කාන්තාව මරණයට පත්ව ඇති අතර මෙය සිය දිවි නසාගැනීමක් බවට සැක කෙරේ. 2025 වසරේ ජනවාරි මාසයේදී උක්ත යුද හමුදා ජනරාල්වරයා සමඟ විවාපත් වූ බව කියන මෙම කත ඔහුගේ දෙවැනි විවාහයේ බිරිඳ බවද සඳහන්.

ගෙල වැළලාගැනීමෙන් සිදුවූ මරණයක් බවට කොළඹ අධිකරණ වෛද්‍යවරයා විසින් ලබා දුන් වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය, මියගිය කාන්තාවගේ සැමියා වන මේජර් ජෙනරාල්වරයාගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top