/ Jul 26, 2025

කිලෝ 03කට අධික හෙරොයින් සමඟ තරුණයෙකු අල්ලයි

හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි තරුණයෙකු ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ.

වේයන්ගොඩ පොලිස් වසමේ පුංචි නයිවලවත්ත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් වෑන් රථයක් හා මිනුම් උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ පුංචි නයිවලවත්ත, එස්සැල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top