අරුණ පුවත් පතේ කතෘ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වීම සම්බන්ධ පුවත මේ වන විට මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ප්‍රශ්නයක් දක්වා වූ සංවාදයකට යොමුව තිබෙන පසුබිමක අද (25) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ අවධානයට ද මාධ්‍ය වේදීන් විසින් ලක්කරන ලදී.
මාධ්‍යයට සිදුවන බලපෑම පිළිබඳ එහිදී මාධ්‍යවේදීන් විසින් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරන ලද අතර එහිදී ඔහු යම් කරුණු පැහදිලි කිරීමක් කරන ලදී.
”මේ රටේ පත්තර ගොඩක් තියෙනවා. රූපවාහිනී නාලිකා ගොඩක් තියෙනවා. FM චැනල් ගොඩක් තියෙනවා. සමාජ මාධ්‍ය රාශියක් තියෙනවා. ඒවායේ ගොඩක් ප්‍රවෘත්ති පළවෙනවා. ඒවායෙන් 1%ක් වත් CID හරි පොලීසි හරි කැදවන්නේ නෑනේ. ඔබ ලියන ඔක්කොම ලියන්නේ ආණ්ඩුවට හොඳයි කියල නෙවෙයිනේ. ආණ්ඩුව විවේචනය කරන ඒවා ඕනෑතරම් ලියනවා. හැබැයි එහෙම කැඳවල නැහැ කවුරුවත්. එක ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් තමයි මේ කැඳවීම කරලා තියෙන්නේ. ඒ ප්‍රවෘත්තියේ සඳහන් වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ඉන්න ග්‍රාම නිලධාරීවරු. මහජන ආරක්ෂක කමිටුවෙන් ලිපියක් අරගෙන එන්න කියල කිව්වා කියල තමයි ප්‍රවෘත්තිය පළවෙලා තියෙන්නේ. ඒ ග්‍රාම නිලධාරීවරු සහ ප්‍රාදේශීය ලේකම්වරයා අයත් වෙන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් හෝ මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් කිසිදු අවස්ථාවක චක්‍ර ලේඛකයක් නිකුත් කරලා නෑ මහජන ආරක්ෂක කමිටුවෙන් එහෙම ලිපියක් අරගෙන එන්න කියල. එසේ නොතිබියදී කවර හෝ පුවත්පතක වාර්තාවක් ඉදිරිපත් කරනවා නම් ග්‍රාම නිලධාරිවරු, ඒ අය කිව්වාය කියල ඒ ගැන විමර්ශනය කළ යුතු වෙනවා. මොකද ඒක රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය වැදගත්. රාජ්‍ය පවත්වාගෙන යාමේදී රජය නොදැන රාජ්‍ය නිලධාරීන් පිරිසක් රජය සහ විශේෂයෙන් මහජනතාව අපහසුතාවයට පත්වෙන ආකාරයට කටයුතු කරනවා නම් ඒ සම්බන්ධයෙන් සොයා බලලා මහජනතාවගේ සුව පහසුව, සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන එක රජයේ වගකීමක්.”
ඒ අනුව මහජනතාවගේ ආරක්ෂාව,සුභ සිද්ධිය මෙන්ම රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් වගකීම් සහගත මාධ්‍යවේදියෙක් ලෙස එම පුවත්පත් කතුවරයා තොරතුරු හෙළිදරව් කිරීම හොඳ බවත් එමඟින් මහජනතාවට සේවයක් වන බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.






අවසානෙයයේ ආණ්ඩුවෙ ඕනැ එපාකම්වලට උරදෙන රාජ්‍්‍ය නිලදාරියා තමයි තැලෙන්නෙ . එදත් එහෙමයි. අද තවත් ප්‍රශ්ණය උග්‍ර වෙලා