/ May 01, 2025

ට්‍රම්ප්ගේ බද්ද නිසා ආසියානු කොටස් වෙළඳපොළ කනපිට ගහයි

ට්‍රම්ප් පරිපාලනයේ තීරු බදු ප්‍රතිපත්තියත් සමඟ ආසියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළවල් සියල්ලම කඩා වැටීමකට ලක්ව තිබේ.

ඒ, අනුව ජපානයේ නිකේයි කොටස් වෙළෙඳ පොළ 6.5%කින්, හොංකොං හි හැං සෙන්ග් කොටස් වෙළෙඳපොළ 10.6%කින් සහ මධ්‍යම චීනයේ ෂැංහයි කොටස් වෙළෙඳපොළ 6.4% කඩා වැටි ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව දකුණු කොරියාවේ කොස්පි කොටස් වෙළෙඳපොළ 5.2% කින්, තායිවානයේ තායි එක්ස් කොටස් වෙළෙඳපොළ 9.7% කින් ද, සිංගප්පූරුවේ STI කොටස් වෙළෙඳපොළ 7.5%කින් කඩා වැටී තිබේ.

මීට අමතරව ඉන්දියාවේ සෙන්සෙක්ස් කොටස් වෙළෙඳ පොළ 3.7%කින් පහළ ගොස් ඇති අතර, නිෆ්ට් 50 කොටස් වෙළෙඳ පොළ 4.0%කින් කඩා වැටී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ඇමරිකානු ජනාධිපති ට්‍රප්ගේ තීරුබදු සම්බන්ධව සාකච්ඡා කිරීමට රටවල් 50ක් පමණ මේ වනවිට සිය කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top