නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ආසිරි රෝහලට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගතද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව අප්‍රේල් 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ දැනුම් දී තිබේ.
ආසිරි රෝහල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය සහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ ඉදිරිපත් කළ කරුණු සළකා බැලලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස තීරණය කර ඇත.
මෙම නඩුවට අදාළව කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වන විශාල් බාලී. අශෝක පතිරගේ, අන්තූර් නාන්ද් තදානි, මංජුල කරුණාරත්න, සුදර්ශන් අහංගම, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා. හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න සහ අදාළ රෝහලේ සේවිකාවක් වන බී.ඩී. සඳතිසරු නමැත්තන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නොතීසි නිකුත් කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ රෝහල අභියාචනාධිකරණයේ පවරා තිබු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව කැඳවනු ලැබීය.
නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෝරල විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖධෂ පරීක්‍ෂකවරයා විසින් ආසිරි රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නඩු පවරා තිබිණි.
2023 පෙබරවාරී 07 වැනිදාත් 19 වැනිදාත් අතර කාලය තුළ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ආසිරි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි උපරීම සිල්ලර මිලක් නියම කර ඇති ඖධෂ එම උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකළ බවට ඖධෂ නියාමන අධිකාරි පනතේ විධිවිදාන අනුව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 11ක් යටතේ ජාතික ඖධෂ නියාමන අධිකාරිය විසින් නඩු පැවරිණි.