/ Dec 29, 2025

රංවලගේ රථය අනතුරක: මාස 6ක දරුවෙකු ඇතුළු තිදෙනෙක් රෝහලේ!

හිටපු කතානායක අසෝක රංවල විසින් පැදවූ ජීප් රථයේ ගැටීමෙන් සිදුවූ අනතුරක් නිසා කිහිපදෙනෙකු තුවාළ ලබා රෝහල්ගත කර තිබේ.

මාස 6ක බිළිඳෙකු, රිය පැදවූ දරුවාගේ මව සහ මිත්තණිය තුවාළ ලබා ඇති අතර බිළිඳා වැඩිදුර ප්‍රතිකාර පිණිස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත. දරුවාගේ හිසට අනතුරක් සිදුව ඇති අතර, කිහිප වරක් වමනය කළ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

ප.ව. 7.45ට පමණ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර මන්ත්‍රීවරයාගේ රථය කුඩා කාර් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බව පොලිසිය පවසයි.

අසෝක රන්වල මන්ත්‍රීවරයාද ප්‍රතිකාර පිණිස රෝහල්ගතව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top