පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක අශෝක රන්වල රිය අනතුරට ලක්වූ අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර ඇති බවට සනාථ වී නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
ඔහුගේ රුධිර සහ මුත්‍රා සාම්පලවලට අදාළව සිදුකළ පරික්ෂණයේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වී නොමැති බව ඔවුන් කියා සිටී. කෙසේ වෙතත් ආරංචිමාර්ග පවසන්නේ ඔහු තවමත් රෝහල්ගතව සිටින බවයි. ඔහුගේ වාහනය නිසාවෙන් අනතුරට ලක් වූ පිරිස මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බවද වාර්තා වේ.





