/ Jun 30, 2025

SSP මනතුංග පොළොන්නරුවට යවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර ASP වුට්ලර්ට

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය පැවසුවේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දුන් බවය‍.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා ද පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත්කර යවා තිබේ.

ඔහු මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ අතර, පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත මෑතක් වනතෙක් එම ධුරයේ කටයුතු කරනු ලැබීය.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගෙන් පුරප්පාඩු වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පත්කර ඇත.

මීට අමතරව, ස්ථාන මාරුවීම් ලද පොලිස් නිලධාරීන්ගේ ලැයිස්තුව පහතින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top