දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේ දී වෑන් රථයක් කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් අද(08) උදෑසන බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් එම අනතුරක් සිදුව තිබුණි.
අනතුරින් වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම වෑන් රථයේ ගමන් කළ පිරිස කටුනායක ගුවන්තොටුපොළට ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් බවත් ඔවුන් මාතර මුලටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.
වෑන් රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇති අතර මාලිම්බඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


