/ Jul 03, 2025

විශාල ඛේදවාචකයක් ; මගී නෞකාවක් පෙරළෙයි – 04ක් මරුට 38ක් අතුරුදහන්

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මෙම නෞකාවේ සිටි 23 දෙනෙකු අනතුරින් දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වේ.

නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් ඇති අතර ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු නෞකාව පෙරළි ගිලී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ මෙම මගී ප්‍රවාහන නෞකාවේ මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇත.

තව ද එම නෞකාවේ ට්‍රක් රථ 14ක් ඇතුළු වාහන 22 ක් ද තිබී ඇති බව වාර්තා වේ.

මේ වන විට අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top