මේ අවස්ථාවේ දී රට ගොඩගැනීමේ කාර්යභාරය ගැන කතා කරන විට සීමා මායිම්වලින් බැහැරව ඉන් ඔබ්බට ගොස් රට වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විදේශ රටවල නියෝජිතයන් තානාපතිවරුන් සමඟ තමා සාකච්ඡා කර රටේ ජනතාව වෙනුවෙන් ඉල්ලීම් රැසක් සිදු කළ බවත් විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට මේ ක්‍රියාවලිය නිර්වචනය කළත් මේ ක්‍රියාවන් සිදු කරන්නේ පොදු ජනතාව වෙනුවෙන් බවත් ජනතාවගේ ජන ජීවිත වටින නිසා මේ කාර්ය දිගින් දිගටම ඉටු කරන බවත් ඔහු කියාසිටියි.
සුළි කුණාටුව නිසා විනාශ වූ අප රට ගොඩ ගැනීමට නම් අනිවාර්යෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්විය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.
ඉන් බැහැරව අපේක්ෂිත ඉලක්ක කරා යා නොහැකි නිසා ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවිය යුතු බවත් ඒ සඳහා විපක්ෂයෙන් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් සීමා මායිම් නොබලා ඉටු කරන බවත් හෙතෙම පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම අදහස් දක්වා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘හුස්ම’ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස මාරවිල මූලික රෝහලට රුපියල් ලක්ෂ 46ක් වටිනා B-Braun Dialog+ Haemodialysis යන්ත්‍රයක් පරිත්‍යාග කළ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.





