/ Sep 16, 2025

ලක්ෂ 30ක මත් එක්ක ‘අතුරුදහන්’ මතු වෙයි!

රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමග ‘සීගිරියේ අතුරුදහන්’ නමින් හඳුන්වන අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සීගිරිය පොලීසියට අනුයුක්තව සේවය කරන උපපොලිස් පරීක්ෂකවරියක් සහ පොලිස් කොස්තාපල්වරියක් ඇතුළු පිරිසක් විසින් ඊයේ (04) පස්වරුවේ සිදුකළ හදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සීගිරිය රන්ගිරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු සන්තකයේ තිබී කුෂ් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 280ක්, අයිස් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 11ක්, රුපියල් 23,000කට ආසන්න මුදලක් සහ ජංගම දුරකතන 2ක් සොයාගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top