/ Nov 13, 2025

සටන් විරාමය කඩ කරමින් ඊශ්‍රායලයෙන් ගාසාවට ප්‍රහාර මාලාවක්!

සටන් විරාමයක් ක්‍රියාත්මකව තිබියදීත් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය යළි තීරණය කිරීමත් සමග ඔවුන් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමාස් සංවිධානය සටන් විරාමය කොන්දේසි උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (28) එරට හමුදාවට නියෝග කළේ ගාසා තීරයට වහාම “ප්‍රබල ප්‍රහාර” එල්ල කරන ලෙසයි.

මේ අතර හමාස් සංවිධානය ඊශ්‍රායල් සොල්දාදුවන්ට ප්‍රහාර එල කර ඇති බවටද ඊශ්‍රායලය චෝදනා කර න සිටි නමුත් හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුණේ ඊශ්‍රායලය පවසන පරිදි ප්‍රහාරයක් එල්ල නොකළ බවයි.

කෙසේවෙතත් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ඇසින් දුටුවන් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලය විසින් ගාසාවට ප්‍රහාර මාලාවක් එල්ල කළ බව යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

2023 ඔක්තෝම්බර් 07 සිට ඇරඹි ඊශ්‍රායල් හමාස් ගැටුම් හමුවේ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාර වලින් මේ දක්වා පලස්තීනුවන් 67160කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර තවත් 169 679කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ගාසාහි සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර තිබේ.

මේ අතර යුධය හේතුවෙන් පලස්තීනුවන් මිලියන 1.9ක පමණ පිරිසක් අවතැන්ව සිටිති.

හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රයල සිවිල් වැසියන් ඇතුළු සොල්දාදුවන් 2000ක් පමණ මියගොස් ඇති අතර 20,000කට වැඩි සොල්දාදුවන් පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා කර තිබේ.

කෙසේවෙතත් පසුගියදා ඇමරිකාවේ මැදිහත්වීමෙන් දෙපාර්ශවය සටන් විරාමයක් දක්වා රැගෙන ආවද ඊශ්‍රායල නැවතත් ගාසාව වෙත ප්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අප්‍රසාදයට සහ කනස්සල්ලට ලක්ව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top