/ Jul 12, 2025

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරේ හඬපට එළියට: හේතුව ඉන්ධන නවතා දැමීම ද?

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිට එංගලන්තයේ ලන්ඩන් බලා පියාසර කරමින් සිටියදී බිහිසුණු ලෙස මිනිසුන් 260කට මරු කැඳවූ එයාර් ඉන්දියා අනතුර සම්බන්ධ නවතම තොරතුරු අනාවරණය වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙහි මූලික විමර්ශන වාර්තා අනුව යානයේ ගුවන් නියමුවන් දෙදෙනාගේ ක්‍රියා කලාපය වෙත වැඩි අවධානයක් යොමු කර ඇත.

කළු පෙට්ටිය නැතහොත් පියසැරි දත්ත සටහනේ පටිගත වූ නියමුවන්ගේ කතා බහ අනුව, අනතුර සිදුවන මොහොතේ යානයේ ඉන්ධන සැපයුම විසන්ධිව තිබෙන බව තහවුරුව ඇතැයි කියැවේ. යානය ඉහළට ඔසවා තත්පර 3කට පසුව මෙසේ ඉන්ධන සැපයුම නවතා හෝ නැවතී ඇති බවයි සඳහන් වන්නේ.

එම හඬ පට අනුව, සහය නියමුවා ප්‍රධාන නියමුවාගෙන් විමසන්නේ එන්ජින්වල ඉන්ධන නවතා දැමුවේ ඇයිද යන්නයි. ප්‍රධාන නියමුවා තමා එසේ නොකළ බව පවසන ඇසිල්ලේ යානය කඩා වැටී ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් බලවත් අවධානයක් යොමු කරමින් විමර්ශන ක්‍රියාත්මක වේ. මෑත කාලයේ ලොව සිදුවූ බිහිසුණුම ගුවන් අනතුරක් ලෙස මෙය සැලකේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top