ඇති වූ ආපදා තත්ත්වය හේතුකොටගෙන අනාරක්ෂිත වූ දරුවන්ගේ ඡායාරූප (Photographs), දර්ශන පට (Video Clips), තොරතුරු (Details); සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය තුළ ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
එසේ සිදු කිරීම මගින් එම දරුවන්ගේ අනන්‍යතාවය සහ පෞද්ගලිකත්වයට හානි වීම සහ එම ඡායාරූප සහ තොරතුරු අවභාවිතා කරන ජාවාරම්කරුවන් අතට පත්වීම සිදුවිය හැකි බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
එවැනි තොරතුරු භාවිතා කරමින් දරුවන් සූරාකෑම (Exploitation), ජාවාරම (Trafficking) වැනි ක්‍රියා සිදු කරන තැනැත්තන් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද අවධාරණය කර තිබේ.
අනාරක්ෂිත දරුවන් පිළිබඳව හෝ මෙවැනි ජාවාරම් සිදු කරන තැනැත්තන් පිළිබඳව තොරතුරු ඔබ සතු නම් 1929 ළමා උපකාරක සේවය වෙත දැනුම් දෙන ලෙසත් නැතිනම් ආසන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී / ළමා ආරක්ෂක නිලධාරී දැනුවත් කරන ලෙසත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.





