පොල්ගහවෙල පොලිස් වසමේ 32 හැවිරිදි තරුණ මවක් සිය දිවි නසාගත් පුවතක් වාර්තාවේ. ඇය සිය පළමු දරුවාට උපත ලබා දී ගතව ඇත්තේ සතියකි.
පසුගිය 18 වැනිදා ඇගේ ප්‍රාණය නිරුද්ධ සිරුර මුළුතැන්ගෙයි තිබී හමුව ඇති අතර පොල්ගහවෙල යටිගල්සිලුව පෙදෙසේ පදිංචිව සිටි කුමුදු මධුසානි රණවලගේ නම් කතකි.
මරණයට දින තුනකට පමණ පෙර සිය දිවි නසාගැනීමට ඈ උත්සාහ ගෙන ඇති අතර විශාදය ලකුණු පෙන්නුම් කර තිබේ.
මිය ගිය මවගේ නිවසේ මව්පියන් සහ තවත් ඥාතීන් සිට තිබුණද ඔවුන් නින්දට ගොස් සිටි පාන්දර කාලයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි සැක පළ වන්නේ.
මරණ පරීක්ෂණයේදී සිය දිවි නසාගැනීමක් බවට තහවුරු වී ඇත.
ප්‍රසූතියෙන් පසු මව්වරුන්ගේ මානසික තත්වය ගැන වඩා සැලකිලිමත් විය යුතු බවත්, නිරන්තරයෙන් ඔවුන් පිළිබඳ සොයා බලමින් සිටිය යුතු බවත් මනෝ විශේෂඥයන්ගේ මතයයි. පහසුවෙන් වලකාගත හැකි මරණ මෙවැනි යුගයක සිදුවීම ඛේදජනකය.