/ Mar 13, 2025

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනවලට බැකෝ සරත් සම්බන්ධ බව කියයි

KAJJA MURDER

අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නැමැති පුද්ගලයා සහ ඔහුගේ දරුවන් දෙදෙනා මිද්දෙණිය නගරයේදී වෙඩි තබා ඝාතනය කිරීමට T56 උණ්ඩු 12ක් ලබා දුන් පොලිස් කොස්තාපල්වරයා විසින් සාක්ෂි රැසක් හෙළි කර තිබේ.

ඒ අනුව සැකකාර පොලිස් කොස්තාපල්වරයාට බැකෝ සරත්ගේ පාතාල කල්ලියෙන් වරින් වර මුදල් ඇතුළු තවත් වරප්‍රසාද ලැබී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ උතුරු -නැගෙනහිර යුද සමයේ ක්‍රියාන්විත රාජකාරිවල යෙදී සිටියදී මෙම ජීව උණ්ඩ හොර රහසේ රැගෙනවිත් සිය නිවසේ සඟවා තිබූ බවයි.

කජ්ජා ඝාතනය සඳහා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බැකෝ සරත් නැමැත්තා විසින් කළ ඉල්ලීමට අනුව තමන් මෙම ජීව උණ්ඩ තොගය එම පාතාල කල්ලි සාමාජිකයෙකු වෙත ලබාදුන් බවද සැකකරු විසින් ප්‍රකාශ කර ඇත.

මෙම ත්‍රිත්ව ඝාතනය මෙහෙයවා ඇත්තේ හරක් කටාගේ පාතාල කල්ලියේ දෙවන පෙළ සාමාජිකයෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බැකෝ සරත් නැමැත්තා විසින් බවයි පොලීසිය පවසන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු ලබාදීමට ගංජා තොගයක් ලබගෙන ඒ වෙනුවෙන් මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම කජ්ජා ඝාතනයට මූලික හේතුව වී ඇති බව ද පොලීසිය මෙතෙක් කළ විමර්ශනවලින් හෙළි වී තිබේ.

මීනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජූලම්පිටිය අමරේ නැමැති මැරයා සමඟද අදාළ කොස්තාපල්වරයා සබඳතා පැවැත්වූවාද යන්න පිළිබඳවද විමර්ශනය කරමින් පවතී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top