මෙරට උතුරු වෙරළ ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
මෙය සවස් කාලයේ තමිල්නාඩු සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ ආසන්නයේදී පීඩන අවපාතයක් ලෙස වර්ධනය වන බැවින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිතව වැසි ඇතිවිය හැකිය.
සෙසු පෙදෙස්වල පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කය:
– නාගොඩ
– ඇල්පිටිය
– බද්දේගම
කළුතර දිස්ත්‍රික්කය:
– වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය:
– යටිනුවර
– උඩුදුම්බර
කෑගල්ල දිස්ත්‍රික්කය:
– කෑගල්ල
– මාවනැල්ල
– යටියන්තොට
– අරණායක
– දෙහිඹ්විට
– රඹුක්කන
රත්නපුර දිස්ත්‍රික්කය:
– කලවාන
– ඇහැළියගොඩ
– රත්නපුර
යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අනතුරු ඇඟවීම දෙවැනි මට්ටමේ ය.
බදුල්ල දිස්ත්‍රික්කය:
– හල්දුම්මුල්ල
– පස්සර
කොළඹ දිස්ත්‍රික්කය:
– සීතාවක
– පාදුක්ක
ගාල්ල දිස්ත්‍රික්කය:
– නෙළුව
– යක්කලමුල්ල
කළුතර දිස්ත්‍රික්කය:
– ඉංගිරිය
– හොරණ
– පාලින්දනුවර
– බුලතිසිංහල
මහනුවර දිස්ත්‍රික්කය:
– දෙල්තොට
– දොළුව
– උඩුනුවර
– උඩපලාත
– පාතදුම්බර
– පාතහේවාහැට
– ගඟ ඉහළ කෝරළය
– පස්බාගෙ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කය:
– රුවන්වැල්ල
– වරකාපොළ
– බුලත්කොහුපිටිය
– ගලිගමුව
කුරුණෑගල දිස්ත්‍රික්කය:
– රිදීගම
– අලව්ව
– නාරම්මල
– මල්ලවපිටිය
මාතලේ දිස්ත්‍රික්කය:
– රත්තොට
– යටවත්ත
– උකුවෙල
– පල්ලෙපොල
– ලග්ගල
– නාඋල
– අඹන්ගග කෝරළය
මාතර දිස්ත්‍රික්කය:
– වැලිපිටිය
නුවර එළිය දිස්ත්‍රික්කය:
– අඹගමුව
– හගුරන්කෙත
– වලපනේ
– නෝර්වුඩ්
රත්නපුර දිස්ත්‍රික්කය:
– ඉඹුල්පෙ
– කිරිඇල්ල
– කුරුවිට
– අයගම
කහපැහැති මට්ටමේ නිවේදන මෙම කොට්ඨාස වෙනුවෙන් නිකුත් කර ඇත.
ඒ අතර උඩරට දුම්රිය මාර්ගයේ අද (22) දිනයේ දුම්රිය ගමන් වාර 10ක් පමණ අවලංගු කර ඇත්තේ දුම්රිය මාර්ගය දෙපස ස්ථාන කිහිපයකින් නාය ගොස් ඇති නිසා ය.
ඒ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක පවුල් 2052කට අයත් පුද්ගලයින් 8346 දෙනෙකු පීඩාවට පත්ව සිටී.
සිදුව ඇති අර්ධ නිවාස හානි සංඛ්‍යාව 335කි.
අධික වර්ෂාව මධ්‍යයේ උපකාරක පංති ගොස් නිවසට පැමිණෙමින් සිටි 17 වියැති සිසුවියක් අවිස්සාවේල්ල – මාදොල පෙදෙසේ දී කාණුවකට වැටී මිය ගොස් ඇත.
දිගින් දිගටම ඇදහැලෙන තද වැසි සමඟ දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයකම වාන්දොරටු විවෘත කෙරුණු අතර පවතින තද වැසි සමඟ ප්‍රදේශ රැසක ජලාශවල වාන්දොරටු තවදුරටත් විවෘත කර තිබේ.
ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජංගනය ජලාශයේ වාන්දොරටු 8ක්, අංගමුව ජලාශයේ වාන්දොරටු 2ක් , කලාවැවේ වාන්දොරටු 2ක් ලෙසින්ය.
මීට අමතරව කුරුණෑගල දැදුරුඔය ජලාශයේ වාන්දොරටු 6ක්ද , මහනුවර පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 03ක් ද තවමත් විවෘතව පවතී.
එමෙන්ම මොනරාගල අලිකොටආර ජලාශයේ වාන්දොරටු තුනක් සහ මාතලේ ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 04ක් සහ කුරුණෑගල කිඹුල්වානාඔයේ වාන් දොරටු 02ක් විවෘත කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වුණේ මහඔය ධාරා ප්‍රදේශවලට ලැබුණු වැසි සැලකිල්ලට ගෙන ඒ ආශ්‍රිත අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව යන පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.
එසේම, දැදුරු ඔයේ ජල මට්ටම ඉහළයෑමෙන් වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත ඇතුළු ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.





