“දිට්වා” පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ මහිම ඌවපරණගම උමා ඇල අමුණ ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට කඩිනමින් සිදුවෙයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම උමා ඇල අමුණ පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වයෙන් විනාශයට ලක්වූ අතර එය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ.උ
වර්ෂ 1856 දි ආරම්භ වූ මෙම උමා ඇල ව්‍යාපෘතිය මගින් උඩරට එළවලු වගාවට 65% ක පමණ දායකත්වයක් ලබා දෙන අතර මෙම ව්‍යාපෘතිය කිලෝමීටර 17 ක් පමණ දීර්ඝය. එමෙන්ම මෙහි ජලයෙන් ගොවි පවුල් පන්දහසකට අධික ප්‍රමාණයක් සිය ගොවිතැන් කටයුතු සිදු කරනු ලබයි.
බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන මහා ශ්‍රම මෙහෙයුමට අනුව හානියට පත්වු ඌමාඇල අමුණ ප්‍රතිසංස්කරණ කිරිම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරින් හා ප්‍රාදේශිය ඉන්ජිනේරු අධීක්ෂණය යටතේ යුධ හමුදාව, මහා සංඝ රත්නය, ප්‍රාදේශීය ගොවි සංවිධාන නියෝජිතයන් හා ප්‍රදේශවාසින් ඇතුලු පිරිසක් විසින් මහා පරිශ්‍රමයකින් යුතුව එම කටයුතු සිදු කරමින් හැකි ඉක්මනින් ගොවි ජනතාව වෙත දියවර මුදා හැරිමට කටයුතු සිදු කරමින් තිබේ.









