/ May 25, 2025

බලපිටියේ වෙඩි තැබීම; බබාගෙන් ආ කෝල් එක වෙඩි වරුසාවකින් කෙළවර වූ හැටි

අහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය රේවත ප්‍රාථමික විද්‍යාලය අසල දී ඊයේ (17) රාත්‍රි රාත්‍රි 9:30ට පමණ සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් අනාවරණය වී තිබේ.

අහුන්ගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බබා’ නමැත්තාගේ ගෝලයෙකු බව කියන ලක්ෂාන් මධුෂංක ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබෙන අතර ඔහුට ‘බබා’ නමැත්තාගෙන් මරණ තර්ජන තිබූ බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඊයේ රාත්‍රියේ ‘බබා’ නමැත්තා ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී මත්ද්‍රව්‍ය පාර්සලයක් භාරදීමට බලපිටියට පැමිණෙන ලෙස දන්වා තිබේ.

පසුව ලක්ෂාන් මධුෂංක නමැත්තා කුලී ත්‍රිරෝද රථයකින් බලපිටියට ගොස් ඇත.

එහිදී රේවත විද්‍යාල මාවතට පැමිණෙන ලෙස උපදෙස් ලැබී ඇති අතර ඔහු ත්‍රිරෝද රථයෙන් බැස පාසල අසලින් ගමන් කරන අවස්ථාවේදී
වෙඩි තැබීම් 2ක් සිදුකර තිබේ.

එහිදී වෙඩිවැදුණු ලක්ෂාන් දිවගොස් තමා පැමිණි ත්‍රිරෝද රථය ගෙන්වාගෙන අහුන්ගල්ල පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිලි කර තිබේ.

පසුව අහුන්ගල්ල පොලීසිය සුවසැරිය ගිලන් රථයකින් වෙඩි වැදුණු පැමිණිලිකරුව බලපිටිය මූලික රෝහලට රැගෙන ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top