/ Jun 17, 2025

බල්තසාර්ගේ ජය සැමරුම් මැද අයෙක් ජයටම සාක්කු සුද්ද ක‍රලා

ඊයේ (16) දිනයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා පත්කර ගැනීමේ අවස්ථාවේ දී, එහි සිටි අයෙක් පුද්ගලයින් කිහිපදෙනෙකුගේ මුදල් පසුම්බි සොරකම් කරමින් සිටිය දී අල්ලාගෙන පොලිසියට භාර දී තිබේ.

කොළඹ මග නගර සභාවේ නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් තේරී පත්වීමෙන් පසු රැස්ව සිටි පිරිස ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් තෙරපෙමින් ජයඝෝෂා නගමින් සිට ඇති අතර එම අවස්ථාවේ දී එහි සිටි අයෙක් ඉතා සූක්ෂමව පුද්ගලයින් කිහිපදෙනෙකුගේ මුදල් පසුම්බි සොරකම් කර ඇතැයි වාර්තා වේ.

එහි සිටි නගර සභා සේවකයෙකුගේ මුදල් පසුම්බිය සොරාගෙන දිවයමින් සිටිය දී ඔහුගේ දැනුම්දීම මත රැස්ව සිටි පිරිස සැකකරු අල්ලා, නගර සභා පරිශ්‍රයේ ආරක්‍ෂාවට පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට භාර දී තිබුණි.

පොලිස් නිලධාරීන් ඔහු පරික්‍ෂා කිරීමේ දී සොරාගත් තවත් මුදල් පසුබ්මි තුනක් එම අවස්ථාවේදීම සොයාගෙන තිබිණි.

මොහු සමඟ තවත් ගැටකපන්නන් කිහිපදෙනෙකු එම අවස්ථාවට පැමිණෙන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

පොලිස් භාරයට ගත් සැකකරු කුරුඳුවත්ත පොලිසියට රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top