/ Jan 24, 2026

කලකට පසු බන්දුල කරළියට!

රට තුළ ඇති වෙන ස්වභාවික විපත් හෝ බාහිර රටවල ඇති වෙන කම්පනකාරි තත්ත්වයක් තුළ හෝ ඒවාට මුහුණදීමට තරම් ප්‍රමාණවත් මූල්‍යමය හැකියාවක් ශ්‍රී ලංකාව සතු නොවන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

කුමන ආණ්ඩුවක් බලයට පත්වුවද රට පවත්වා ගැනීමට අවශ්‍ය රුපියල් සහ විදෙස් ගනුදෙනු සිදුකිරීමට අවශ්‍ය ඩොලර් රට සතුව නොමැති බවයි හිටපු ඇමතිවරයා සඳහන් කරන්නේ.

ආණ්ඩුවේ මෙම වසරේ ආදායම රුපියල් ට්‍රිලියන 5.3ක් වන අතර පුනරාවර්ථන වියදම 5.6ක් වන හෙයින් ආණ්ඩුව පවත්වා ගෙනයාම සඳහා බිලියන 300ත් 400ත් අතර හිඟයක් පවතින බවද ඔහු කියාසිටියි.

ඒ අනුව රට තුළ පවතින මූලික ප්‍රශ්නය වන්නේ ප්‍රමාණවත් රුපියල් සහ ඩොලර් සංචිත නොමැති වීම බව හෙතෙම තවදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top