/ Jul 05, 2025

කාසියේ වාසිය බංග්ලාදේශයට ; ගෞරවය බේරාගැනීමේ අරමුණින් පළමුව පිත්තට අතට ගනී

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (5) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහිදි හසන් මිරාස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

දිවාරාත්‍රී තරගයක් ලෙස මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකළ බවයි නායක චරිත් අසලංක පැවසුවේ.

ඒ අනුව පළමු තරගයට ක්‍රීඩාකළ එශාන් මාලිංග හා මිලාන් රත්නායක විවේකගන්වා ඇති අතර ඒ වෙනුවට දුනිත් වෙල්ලාලගේ හා දුෂ්මන්ත චමීර කැඳවූ බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top