බංග්ලාදේශයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස කටයුතු කළ ඛලීඩා ෂියා අභාවප්‍රාප්ත වී තිබේ.
ඇයගේ පක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) අද (30) ඒ බව නිවේදනය කර ඇත.
දීර්ඝ කාලයක් පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මෙලෙස සිය ජීවන ගමන නිම කර ඇත.
මියයන විට ඇයගේ වයස අවුරුදු 80 කි.
ඇය අක්මාවේ සිරෝසිස්, ආතරයිටිස්, දියවැඩියාව මෙන්ම පපුවේ සහ හෘද රෝග ගණනාවකින් පීඩා විඳිමින් සිටි ඇති බව සඳහන්.
ඇගේ අවසන් දිනවලදී, බංග්ලාදේශයේ අන්තර්කාලීන නායක මුහම්මද් යූනුස්, කලීඩා වෙනුවෙන් යාච්ඤා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර ඇය “ජාතියට ආශ්වාදයක් ලබා දුන් ප්‍රභවයක්” ලෙස හැඳින්වීය.
2018 දී එවකට අගමැතිනි ෂෙයික් හසීනාගේ රජය යටතේ දූෂණ චෝදනා මත කලීඩා සිරගත කරන ලද හෙයින් ඇයට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීම ද අවහිර වී තිබේ. හසීනා බලයෙන් පහ කිරීමෙන් ටික කලකට පසු ඇය පසුගිය වසරේ නිදහස ලැබීය.
හමුදා නිලධාරියෙකු වූ සියෝර් රහ්මාන් වන ඇයගේ සැමියාගෙන අලද උරුමයක් ලෙස දේශපාලනයට පිවිසියේය.
1971 දී බංග්ලාදේශයේ නිදහස් යුද්ධයෙන් පසු සියෝර් රහ්මාන් ප්‍රසිද්ධියට පත් වූ අතර පසුව 1977 දී ජනාධිපති ඔහු ධුරයට පත් විය. 1978 දී BNP පක්ෂය ආරම්භ කළ රහ්මාන් 1981 දී අසාර්ථක හමුදා ප්‍රහාරයකින් ඝාතනය විය.
අනතුරුව ඛලීඩා ෂියා BNP නායකත්වයට පත් වූ අතර ඇය සිය දේශපාලන දිවිය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්වන්නට සමත් විය.





