පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් එය නීතිපතිවරයා වෙත යොමු කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
වසර 25කට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුවයි අදාළ වාර්තාව අද (29) නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ.