අද (19) අලුයම ධීවර කටයුතු පිණිස බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් පැමිණෙමින් සිටි යාත්‍රාවක ධීවරයෙකු අතුරුදන් වූ ඛේදජනක පුවතක් වාර්තා වේ.
“සුබ පැතුම්” නම් ධීවර යාත්‍රාවක් දැඩි සුළං තත්වයකට මුහුණ දී ඇති අතර මේ අවස්ථාවේදී මෙම ධීවරයා අනතුරට මුහුණ පා ඇතැයි සඳහන්.
අනෙක් ධීවරයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර බේරුවල පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරයි.