/ Jun 20, 2025

බේරුවල බලය සජබ ට ; විපක්ෂයට බහුතරය හිමි වූ තැන් දෙකක ලොකු පුටුව මාලිමාවට

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශීය සභාව පිහිටුවීම අද (20) උදෑසන පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී ඩබ්.කේ. නිලන්ත සුරිත් ඩයස් ජාතික ජන බලවේගයෙන් සභාපති ධුරය සඳහා යෝජනා කළ අතර සමගි ජන බලවේගයෙන් මොහොමඩ් නයිසර් මොහොමඩ් ෆයිසාන් මහතාගේ නම යෝජනා විය.

එහිදී සමගි ජන බලවේගයේ, අපේක්ෂකයා ඡන්ද 22ක් හිමිකර ගනිමින් බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්විය.

මේ අතර මාතලේ රත්තොට උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ නිමල් කරුණාතිලක මහතා පත්ව තිබේ.

ඒ ඡන්ද 14ක් හිමිකර ගනිමිනි.

එහි උප සභාපතිවරයා ලෙස එක්සත් ජාතික සන්ධානය නියෝජනය කළ මීරා සයිබු මොහොමඩ් රාෆි පත්වූ අතර, ඔහු ඡන්ද 12ක් ලබා ගත්තේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මාතලේ රත්තොට උකුවෙල ප්‍රාදේශීය සභාව සඳහා විපක්ෂයට මන්ත්‍රීවරු 16ක් හා ජාතික ජන බලවේගයට මන්ත්‍රීවරු 11ක් වශයෙන් තේරී පත්විය.

තවද, සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ එම්. ජී. ජේ. තුෂාර සම්පත් තේරී පත්ව ඇත.

උප සභාපතිවරයා ලෙස තේරී පත් වී ඇත්තේ සර්ව ජන බලයේ කේ.ජී. දිමුතු ප්‍රියන්කර මහතා ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top