/ Mar 12, 2025

Bloomfield ජයග්‍රහණය කරා ගෙන ගිය වන්නිනායක

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට Bloomfield කණ්ඩායම අද (08) සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී NCC කණ්ඩායම සමඟින් සිව් දිනක් පුරා පැවැති අවසන් මහා තරඟය විසඳුමකින් තොරව අවසන් වූව ද පළමු ඉනිමේ ලත් ජයග්‍රහණයත් සමඟින් Bloomfield ක්‍රීඩකයෝ මෙම කුසලානයට හිමිකම් කීහ.

මෙම තරගයේ දෙපිලේම ජාතික කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයන් රැසක් සිටි අතර, ඒ අතරින් විශේෂ දක්ෂතාවයක් දැක්වූ මේ වන විට 21ක් වන වියේ පසුවන අසිත වන්නිනායක සම්බන්ධව විශේෂයෙන් සඳහන් කළ යුතු යි. මෙම තරගාවලියේ පළමු ඉනිමේදී වන්නිනායක ලකුණු 96ක් වාර්තා කළ අතර අවාසනාවන්ත ලෙස ඔහුට දුවද්දී දැවී යාමට සිදු විය. දෙවැනි ඉනිමේදී නැවතත් ක්‍රියාත්මක වූ ඔහු නොදැවී ලකුණු 104ක් රැස් කර ගැනීමට සමත් වීම සුවිශේෂී වෙයි. මෙවර  2025 තරගවාරය තුල වන්නිනායක අර්ධ ශතක 3ක් සහ එක් ශතකයක් වාර්තා කරමින් දස්කම් දැක්වීය.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Bloomfield – පළමු ඉනිම සියලුම දෙනා දැවී 508 (174.0) හසිත බෝයගොඩ 52, රොන් චන්ද්‍රගුප්ත 237, අසිත වන්නිනායක 96, නිපුන් කරුණානායක 37, ලහිරු මදුශංක 55, ලහිරු කුමාර 6/87, අශේන් ඩැනියෙල් 2/93

NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 312 (85.5) ලහිරු උදාර 145, පැතුම් නිස්සංක 29, කමිල් මිෂාර 40, කවින් බණ්ඩාර 36, ජෙෆ්රි වැන්ඩර්සේ 4/64, රවිඳු ප්‍රනාන්දු 3/84

Bloomfield – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 242 (78.0) අසිත වන්නිනායක නොදැවී 104, කසුන් අබේරත්න 31, නිපුන් කරුණානායක නොදැවී 75, අශේන් ඩැනියෙල් 2/42, චාමික කරුණාරත්න 2/18

  • අවසන් මහා තරගයේ වීරයා – රොන් චන්ද්‍රගුප්ත (Bloomfield)
  • තරගාවලියේ වීරයා – රවිඳු ප්‍රනාන්දු (Bloomfield)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – සහන් කෝසල (Kandy Customs)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – දිලුම් සුදීර (Police)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top