අනතුරට ලක් වූ ධීවර යාත්‍රාවේ අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනාගෙන් එක් ධීවරයෙකු යාත්‍රාවේ සිරවී සිටිය දී බේරාගෙන තිබේ.
ඒ අනුව එම ධීවරයා නාවික හමුදාව විසින් බේරාගෙන මේ වනවිට ගාල්ල වරායට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව පවසයි.
එමෙන්ම එම ධීවරයා යහපත් ශරීර තත්ත්වයෙන් සිටින බවද සඳහන්.
දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව මෙම යාත්‍රාවේ ධීවරයින් 5 දෙනෙකු සිට තිබේ.
ඉන් එක් ධීවරයෙකු අද පෙරවරුවේ බේරාගත්තද, සිව්දෙනෙකු අතුරුදන්ව තිබුණි.
එම අතුරුදන් ධීවරයින්ගෙන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමු වූ අතර අනෙක් අතුරුදන් ධීවරයින් දෙදෙනා සොයන අතරවාරයේ මෙම බේරාගත් ධීවරයා යාත්‍රාවේ සිරවී සිටියදී මෙලෙස බේරාගෙන ඇත.
ඒ අනුව, මේ වන විට තවත් එක් ධීවරයෙක් අතුරුදන්ව සිටියි.