දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු ගිය අනතුරට ලක් වූ යාත්‍රාවේ සිටි දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.
දෙවිනුවර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ඊයේ (27) රාත්‍රියේ මෙලෙස අනතුරට ලක්ව තිබුණි.
අනතුර සිදුවන අවස්ථාවේ ධීවර යාත්‍රාවේ ධීවරයින් පස් දෙනෙක් සිට ඇති අතර, ඉන් එක් ධීවරයෙක් බේරා ගැනීමට වෙනත් යාත්‍රාවක සිටි පිරිසක් කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් මේ වන විට තවත් ධීවරයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා නාවික හමුදා මෙහෙයුම් සිදුකරයි.