/ Oct 19, 2025

බොදු බල සේනා මහින්ද බැහැදකින්න යයි!

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බැහැදැකීමට තංගල්ලේ කාල්ටන් නිවස වෙත ගොස් තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ජාතියට අමතක නොවන ජනාධිපතිවරයෙක් බවත් ඔහු අපගේ ජීවිත කාලය තුළ අප දුටු වීරයෙක් බවත්, මෙම ගරිල්ලා යුද්ධය අවසන් කළ නොහැකි බව බොහෝ දෙනෙක් පැවසුවද, මහින්ද රාජපක්ෂ මහතා වසර 30 ක යුද්ධයක් අවසන් කළ බවත්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top