/ Feb 13, 2026

ඉඩමක වල දමා තිබියදී තරුණයක්ගේ මළ සිරුරක් හමුවෙයි!

දින කිහිපයකට පෙර සිට අතුරුදන්ව සිටි 28 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් කුලියාපිටිය, තුම්මෝදර ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබියදී සොයාගෙන තිබේ.

අතුරුදන් වී දින 9කට පමණ පසුවයි මෙලෙස ඔහුගේ මළ සිරුර හමු වී ඇත්තේ.

තරුණයා අතුරුදහන් වීම සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් සිදුකර ඇති පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන සිදුකර ඇති අතර සිද්ධියට අදාළව පුද්ගලයෙක් අත්අඩංගුවට ද ගෙන තිබේ. එම තැනැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තරුණයාගේ මළ සිරුර සොයා ගෙන ඇත.

වන සතුන් සඳහා ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් එම තරුණයා මියගොස් ඇති අතර පසුව ඔහු අදාළ ස්ථානයේ වළ දැමූ බවට එම සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇති බවත් සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලීසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top