/ Aug 07, 2025

ග්ලැසියරයක් දිය වී අතුරුදන් තරුණයෙකුගේ මළ සිරුරක් මතු වේ

පකිස්ථානයේ කොහිස්තාන් ප්‍රදේශයේ දියවෙමින් පවතින ග්ලැසියරයක තිබී වසර 28කට පෙර අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වී තිබේ.

නැගෙනහිර පකිස්ථානයේ ලේඩි නිම්නය නමින් හඳුන්වන මෙම ප්‍රදේශයේදී එඬේරෙකුට හමුවූ එම මළ සිරුර හිම හේතුවෙන් සංරක්ෂණය වී තිබුණු අතර එහි ඇඳුම් ද හානියට පත් නොවී පැවති බව වාර්තා වෙයි.

නසීරුදීන් යන නම සහිත හැඳුනුම්පතක් ද මෙම මෘත දේහය සමඟ සොයා ගන්නා ලදී. මෙම පුද්ගල මළ සිරුර 1997 ජූනි මාසයේදී හිම කුණාටුවක් අතරතුර ග්ලැසියරයේ ඇතිව තිබූ පැල්මකට ඇද වැටීමෙන් පසු අතුරුදන් වූ පුද්ගලයෙකුගේ බවට පොලිසිය සැක කරයි.

මෑත වසරවලදී මෙම කලාපයේ හිමපතනය අඩු වී ඇති අතර, ග්ලැසියර් ඍජු හිරු එළියට නිරාවරණය වීම නිසා වේගයෙන් දිය වීමට පටන්ගෙන තිබේ. දේශගුණික විපර්යාස ග්ලැසියර් දියවීම වේගවත් කරන ආකාරය මෙම සොයා ගැනීමෙන් ද පෙන්නුම් කරන බව විශේෂඥයෝ පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top