/ Jan 23, 2026

BREAKING : හිටපු ඇමැති මනූෂ අත්අඩංගුවට!

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (15) උදෑසන පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.

පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මනුෂ නානායක්කාර මහතා මෙලෙස කැඳවා ඇත.

කෙසේවෙතත් අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු ඇමැතිවරයා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ නිෂ්ප්‍රභ කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top