/ Dec 06, 2025

Breaking: ඉදිරි පැය 06 දැඩි අවදානම් – ගම්පහට රතු නිවේදන නිකුත් කරයි

ඉදිරි පැය 6ක කාලය තුළ ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපාංකවල ජල මට්ටම විශ්ලේෂණය අනුව මෙම පුරෝකථනය සිදුකර තිබේ.

මෙම තත්ත්වය පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වා කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top