හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, පුතා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන අයට එරෙහිව විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය වෙනුවෙන් එහි සභාපති ජාමුනි කාමන්ත තුෂාර විසිනුයි.
හිටපු ජනපති පදිංචිව සිටි විජේරාම නිවෙස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ 51000ක් වියදම් කර ඇති බවත් එය ජනරජයට පාඩුවක්දැයි සොයන ලෙසත් එම පැමිණිල්ලේ දැක්වෙයි.
ශිරන්ති රාජපක්ෂගේ නමට ඇති මියුසියස් විදුහල අසල ඇති නිවස රුපියල් ලක්ෂ 4000ක් වටිනා බවත් එය දූෂිත ගනුදෙනුවකින් හිමිකරගත්තක් බැවින් ඒ ගැනද විමර්ශනයක් එයින් ඉල්ලා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් වත්කම් ලබා දී ඇති තොරතුරු සත්‍ය ඒවාද යන්න සොයා බලන ලෙසද එම පැමිණිල්ල වැඩිදුරටත් ඉල්ලා තිබේ.