අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට ජුනි මස 30 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 3,022ක් ලැබී ඇති බව වාර්තා වේ.
එම කාලය තුළ පුද්ගලයන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැටලීම් 54ක් සිදු කර තිබේ.
සැකකරුවන් අතර ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 10ක් අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරින් 5 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු, ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරින් දෙදෙනෙකු ඇතුළත් ය.
ඊට අමතරව සිවිල් පුද්ගලයින් 6 දෙනෙකු ද අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් මේ වසරේ ගත වූ පළමු මාස 6 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.