/ Dec 06, 2025

ආපදාවට පත්වූවන්ට අයවැයෙන් සහන රැසක් – විශේෂ චක්‍රලේඛයත් නිකුත් වෙයි!

2026 අයවැයේ ප්‍රමුඛතාවය ආපදාවට පත් රට ප්‍රතිසංස්කරණයට සහ සහන සැපයිම සඳහා යොමු කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (05) අයවැය පිළිතුරු කතාව කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විටත් රුපියල් මිලියන 10,500ක් ඒ ඒ දිස්ත්‍රික්වල දිසාපතිවරුන් වෙත නිදහස් කර ඇති බවයි.

තවත් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බවත් ඒ අනුව ඉදිරි දින 25තුළ ඇති වූ හදිසි ආපදා තත්ත්වය සඳහා වියදම් කිරීමට රුපියල් බිලියන 70.02 ඇති බවද සඳහන් කළේය.

ආපදාවලින් හානියට පත් නිවාස පිරිසිදු කර ගැනීමට රු 25,000.00 දීමනාවක්, අත්‍යාවශ්‍ය මුළුතැන්ගෙයි භාණ්ඩ මිලදී ගැනීමට (නිවසේ අයිතිය නොසළකා) රු 50,000.00ක්, අවතැන් කඳවුරුවල සිටින අයට නිවසකට යාම සඳහා මාස 03ක කාලයක් සඳහා රු 25,000.00ක දීමනාවක්
කුලී නිවාසවලට යාම සඳහා මාස 03 අඛණ්ඩව රු 50,000ක මාසික දීමනාවක්, ආපදාවලින් මිය ගිය පුද්ගලයෙකු සඳහා රුපියක් ලක්ෂ 10ක වන්දි මුදලක් ලෙස ලබා දීමට නියමිතයි.

මේ අතර පූර්ණ හානි වී ති නිවසක් වෙනුවෙන් රු.ලක්ෂ 50ක් ලබා දෙන අතර නිවාස ඉදිකරගැනීම වෙනුවෙන් රජයෙන් ඉඩමක් ලබා දීමට නොහැකි තත්ත්වයකදී සුදුසු ඉඩමක් මිලදී ගැනීම සඳහා තවත් ලඛ 50ක මුදලක් ලබා දීමටත් තීරණය කර තිබේ.

මේ අතර ආපදාවන්ට ලක්වූ සියලුම ක්ෂේත්‍ර වෙත සහන සැලසීමට කටයුතු යොදා ඇති අතර ඒ සියල්ල පිළිබඳව ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කරන ලදී.

ඒ අනුව මේ වන විට එම සහන සැලසීම සඳහා විශේෂ චක්‍රලේඛයද නිකුත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top