/ Jan 24, 2026

ගසාගෙන ගිය බසයේ සිටි 20ක් ගලවා ගනී : මෙහෙයුම දිගටම!

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලාඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිටි පිරිසෙන් 20ක් නිරුපද්‍රිතව ගලවා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇතැයි වාර්තා වේ.

අසල නිවසක වහලයක් මත එම පිරිස රැඳී සිටියේ බස් රථය ජලපහරේ ගසාගෙන යෑමත් සමඟයි. කෙසේ වෙතත්, කාලගුණ තත්වය හරස් වීම නිසා ගලවා ගැනීමේ කණ්ඩායම්වලට ළඟා වීමට අසීරු වූ අතර පැය 24ක් ඉක්මවා එම පිරිස ස්ථානයේ රැඳී සිටියෝය. මේ වන විට ඉතිරි පිරිසත් ගලවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වේ. බස් රථයේ සිටි පිරිස 70කට ආසන්න බැව් සඳහන් විය. රියදුරා විසින් අවවාද නොතකා ජලයෙන් බස් රථය එගොඩ කිරීමට යෑමේදී අනතුරට පත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top