බස් රථ අලංකරණය හා උපාංග සවිකිරීමට අදාළව නෛතික ප්‍රතිපාදන තුළ අවසර ලබා දෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛය අවලංගු කර ඇති බව වාර්තා වේ.
2023 වසරේ ජුනි මස 02වන දිනැතිව නිකුත් කරන ලද අදාළ චක්‍ර ලේඛය මේ මස 09 වන දින සිට බලපැවෙත්වෙන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.
බස් රථ අලංකරණය සදහා අවසර ලබා දෙන ලෙස විවිධ පාර්ශ්වවලින් ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බස් රථවල සැරසිලි හා උපාංග සවිකිරීමට අදාළව කොන්දේසි කිහිපයකට යටත්ව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබුණි.
කෙසේ වෙතත් පසුගිය කාලයේ සිදුවූ බිහිසුණු අනතුරුවලින් පසුව මෙම අනාරක්ෂිත අලංකරණ ගැන සමාජ කතිකාව තියුණු විය.