අද (25) පෙරවරුවේ සේරුනුවර, මහින්දපුර හංදියේ දී පෞද්ගලික බස් රථයක් මහ මඟ පෙරළී අනතුරක් සිදුව තිබේ.
අක්කරෙයිපත්තුව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන්ගත් සුඛෝපභෝගී බස් රථයක් පෙරළී ගොස් ඇති අතර එම අවස්ථාවේ මගීන් 21ක් පමණ බස් රථයේ ගමන් කරමින් සිට ඇති බව සඳහන්.
අනතුරින් බස් රථයේ සිටි 14 දෙනෙකු තුවාල ලබා සේරුනුවර රෝහලට සහ මූතූර් රෝහලට ඇතුළත් කර තිබේ.
සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.





