ගම්පොළ නගර සභාවට තරඟ වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු කසිප්පු පෙරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පොළ පොලිසිය පවසයි.
ගෝඩා බෝතල් 200ක් සහ කසිප්පු බෝතල් 25ක් සමඟ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මවුන්ටෙම්පල් ප්‍රදේශයේ පාලු නිවසක කසිප්පු පෙරමින් සිටියදීයි.
පොහොට්ටු අපේක්ෂකයා සහ ඔහුගේ මිතුරකු වන ත්‍රීවිල් රියදුරකු විසින් මෙම කටයුත්ත කරගෙන ගොස් ඇති බවයි අනාරවරණය වූයේ.