අනාරක්ෂිතව දරුවෙකු වාහනය තුළ රැගෙන යාම නිසා සිදුවූ අනතුරක් සම්බන්ධව වාද්දුව පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඊයේ (15) දිනයේ දේවස්ථානය වෙත සිය දෙහැවිරිදි දියණිය සමඟ ගිය මවක් කළුතර දෙස සිට පානදුර දෙසට මෝටර් රථයෙන් ගමන් කරන අතරතුර පිටපුස අසුනේ සිටි එම දියණිය හදිසියේ රියදුරු අසුනේ සිටි මවගේ උකුළට පැන තිබේ. එහිදී පාලනයෙන් ගිලිහී ගිය මෝටර් රථය ත්‍රිරෝද රියක ගැටී, පදිකයෙකුගේ සහ කුඩා ලොරියකද ගැටී ඇත. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පදිකයා මිය ගොස් ඇතැයි වාර්තා වේ.
කුඩා දරුවන් ආරක්ෂිතව, බිළිඳු අසුනක හිඳුවා, ආසන පටි පළඳවා ගෙන යා යුතු බවට තිබෙන නිර්දේශ නොසලකා හැර කටයුතු කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බව නිරීක්ෂණය වන බව පැවසේ. තවමත් අනන්‍යතාව හඳුනා නොගත් පදිකයෙකුට එනිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව ඇත.