/ Feb 15, 2026

අකුරේගොඩ ලෝයර් සහ බිරිය මරන්න ආ මෝටර් රථය ගාල්ලේදී ගිනි ගනී!

තලංගම, අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල අගලිය, කුට්ටියාවත්ත අතුරු මාර්ගයක ගිනි ගනිමින් තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මෝටර් රථය සොයා ගන්නා අවස්ථාවේදීත් එය ගිනි ගනිමින් තිබුණු බව පැවසේ.

නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනයට පැමිණි බවට සැක මෙම මෝටර් රථය ගාල්ල අගලිය ප්‍රදේශයේ දමා ගොස් ඇති බවට ලද තොරතුරුක් අනුව පොලීසිය එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී නිලධාරීන් දැක ඇත්තේ අදාළ මෝටර් රථය ගිනි ගනිමින් තිබෙන බවයි.

මෙම ඝාතනය විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජයලත් සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා නැමැති අපරාධකරු විසින් මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරන අතර අදාළ නීතීඥවරයා මීට පෙර කරන්දෙණිය සුද්දාගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිට අනතුරුව ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන “ලොකු පැටී” නැමැති අපරාධකරුගේ නඩු කටයුතු සඳහා පෙනී සිට ඇති බවත් ඒ අනුව, කරන්දෙණිය සුද්දාගේ තොරතුරු ලොකු පැටී නැමැත්තාට ලබාදී ඇති බවට ඇති වූ සැකයක් මත මෙම ඝාතනය සුද්දාගේ පාර්ශ්වය විසින් සිදුකර ඇති බවට සැක කරන බව පොලීසිය මින් පෙර සඳහන් කළේය‍.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top