තංගල්ල, සීනිමෝදර දී අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් නිවසේ අබිරහස් ලෙස මරුමුවට පත්ව සිටි පුද්ගලයන් සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ එම තිදෙනා, අධික ලෙස බියර් සහ හෙරොයින් ශරීරගත වීම නිසා මරණයට පත්ව ඇති බවයි.
22 දින උදෑසන පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවක දී තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මල සිරුරු සොයාගනු ලැබීය. තවත් අයෙකු රෝහලට ඇතුළත් කළ පසු මිය ගොස් තිබිණ.