/ Dec 06, 2025

බරපතළ රිය අනතුරක් සිදු කිරීම : පාඨලීගේ නඩුව යළි කැඳවයි

2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේ දී බරපතළ රිය අනතුරක් සිදුකිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා ජනවාරි මස 20 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසිය හිටපු ස්ථානාධිපති හා වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන අය මෙසේ විත්තිකරුවන් ලෙස දක්වා තිබිණි.

එවකට අමාත්‍ය ධුරයක් දැරූ පාඨලී චම්පික විසින් පැදවූ බව කියන ඩබ්ලිව්. පී. කේ. පී. 7545 දරණ ජිප් රථයේ ගැටී සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා බරපතළ තුවාල ලැබූ බව සඳහන් විය.

මෙම නඩුව ඊයේ (18) කොළඹ මහාධිකරණය ඉදිරියේ කැඳවනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top