ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙට (26) දහවල් 12 සිට සවස 6 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ලංවිම වෘත්තීය සමිති 21ක් විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත අද (25) ලිපියක් යොමුකරමින් මේ බව දැනුම්දී ඇත.
ඒ අනුව සිය ඉල්ලීම් 8කට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වාම ලැබී නොමැති බවයි වෘත්තීය සමිති සඳහන් කරන්නේ.
එබැවින් අදාළ ඉල්ලීම් දිනාගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හැර වෙනත් කිසිඳු විකල්පයක් සේවකයන්ට සහ එම සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති වෙත ඉතිරිව නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව ඉතා සාධාරණ සහ යුක්ති සහගත එම ඉල්ලීම් ඉටුකිරීම පසෙක ලා දිගින් දිගටම කල්මැරීම මෙම පැය 6ක සංකේත වැඩ වර්ජනය දියත් කිරීමට ලංවිම වෘත්තීය සමිති තීරණය කර ඇත.
මෙම වර්ජනය සඳහා සේවකයින් 17000කට වැඩි ප්‍රමාණයක් එක්වීමට නියමිත බව සඳහන්.
මෙම වැඩ වර්ජනය නිසා ඇතිවන සියලුම ආකාරයේ අහිතකර ප්‍රතිඵල සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හෝ එම සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති වග නොකියන බවත්, එහි සම්පූර්ණ වගකීම විෂය භාර අමාත්‍යවරයා සහ වත්මන් ආණ්ඩුව භාර ගත යුතුය බව අදාළ වෘත්තීය සමිති දන්වා තිබේ.





